Connect with us

පුවත්

ජනපති-අගමැති හා මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් පෙන්වන්න වෙලා

Published

on

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දේශපාලනඥයන්ගේද, රාජ්‍ය සේවයේ නියුතු එක්ලක්ෂ පනස් දහසක් (150,000) පමණ වන මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගැනීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම සැලසුම් කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි.

පසුගියදා සම්මත කළ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ බලතල ප්‍රකාරව මෙම තීන්දුව ගෙන ඇත. මෙම පනතේ 80(1) වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාතේ ආණ්ඩුකාරවරුන් ඇතුළු පනත මගින් ප්‍රකාශයට පත්කර ඇති ක්ෂේත්‍ර 31කට අයත් තැනැත්තන් විසින් සිය වත්කම් හෝ බැරකම් ප්‍රකාශ අල්ලස් දූෂණ කොමිසමට සෑම වසරකම මාර්තු 31දාට පෙර සැපයිය යුතුය.

මෙහි විශේෂත්වයක් වන්නේ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ සහ ප්‍රධානීන්ගේත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාගැනීමට කොමිසමට බලය පවරා තිබීමයි. 

ඒ අනුව ප්‍රවෘත්ති පත්‍ර ආඥා පනතේ 2 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයක් කර ඇති පුවත්පත් හිමිකරුවන්, කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩල සාමාජිකයන්ද, 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17 වැනි වගන්තිය යටතේ බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩල සාමාජිකයන්ද යට කී ලෙස වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුය. 

මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ සැපයීමේදී වත්කම් බැරකම් ප්‍රකාශ කරන්නා සැමියා නම් බිරිඳ සහ දරුවන්ද, බිරිඳ නම් සැමියා සහ දරුවන්ගේ සහ ඔවුන් සමඟ පොදු නිවෙසක ජීවත් වන වෙනත් තැනැත්තන්ගේ වත්කම් බැරකම්ද ලබා දිය යුතු බව පනතේ දැක්වේ.

මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොණික ක්‍රමවේදය හරහා අල්ලස් දූෂණ කොමිසමට ලබා දිය යුතු බවට ප්‍රතිපාදන සලසා තිබේ.

එහෙත් ඊට අදාළ තාක්ෂණික මෙහෙයුම සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පමණ වැය වෙයි. නමුත් ඒ සඳහා අල්ලස් කොමිසමට ප්‍රතිපාදන මෙතෙක් ලැබී නැති බවද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

කෙසේ හෝ පනතේ දක්වා ඇති නිශ්චිත දිනයට අල්ලස් දූෂණ කොමිසම වෙත වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීමට අපොහොසත් වන තැනැත්තන්ට මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ නඩු පවරනු ලැබිය හැකිය. අධිකරණයේදී සිදුකෙරෙන ලඝු නඩු විභාගයකදී වරද ඔප්පු වුවහොත් රුපියල් ලක්ෂයක දඩයක් හෝ වසරක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කරන්නට අධිකරණයට මෙම පනතින් බලය පවරා ඇත.

(දේශය)

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading

පුවත්

ශෂීන්ද්‍ර  අල්ලස් කොමිසමට

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved