Connect with us

පුවත්

ලන්සා JVP නායකයින්ගේ බිරින්දෑවරුන්ට අමුතු කතාවක් කියයි (වීඩියෝ)

Published

on

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බදු අඩු කිරීමට උපදෙස් ලබාදුන්නේ නාලක ගොඩහේවා මහතා බවත්, ඔවුන්ගේ වසර 30ක දේශපාලනය ඔහු විසින් විනාශ කළ බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා කියයි.

අද (27) ජා-ඇල පැවැති අලුත් සන්ධානය නැමැති දේශපාලන රැස්වීම අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඊට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ද ගෝඨාභය මහතාට උපදෙස් ලබාදෙමින් රසායනික පොහ‍ොර ගෙන්වීම නැවැත්වුවහොත් හිටපු ජනපතිවරයාට නොබෙල් ‍ත්‍යාගය ලැබෙන බවට වැරදි උපදෙස් දුන් බව ලන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය නලින් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා හා නිමල් ලන්සා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

මේ සන්ධානයට නායකත්වය දෙන තවත් මන්ත්‍රීවරයකු බව පැවසෙන ප්‍රියංකර ‍ජයරත්න මහතා මේ සඳහා එක්ව නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයෙන් සිටින බැවින් එයට එක් නොවූ බව වාර්තා වේ.

 නව සන්ධානයට පක්ෂයක්, ලාංඡනයක් සහ නායකයෙකු මේ වන විට නොමැති වුවද ඉදිරියේදී  දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරුන් එක්කර ගනිමින් විශාලතම සන්ධානය බිහිකරන බවයි එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පැවසුවේය.

කෙසේවුවද, මීට පෙර මෙය ඉදිරි ජනපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ මංගල රැලිය බවට ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

සබැඳි පුවත්
බලය බෙදන්න කැමති ලිබරල් පක්ෂය ලන්සා අතට ගනියි
ලංසා නායකත්වය දෙන මංගල රැලිය ජාඇල

පුවත්

පුත්තලමේ පාසල් සඳහා හෙටත් නිවාඩු

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved