පුවත්

ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව අද (12) පස්වරුවේ ඇමතීමට නියමිතව තිබේ.

අනාගත ආණ්ඩු හැඩගැස්වීම- යන තේමාව යටතේ සමුළුව ආරම්භ වූයේ ඊයේ (11) දිනයේයි.

ඊට ලොව රාජ්‍ය නායකයින් රැසක් සභභාගි වී සිටි.

මේ අතර අද දිනයේත් ජනාධිපතිවරයා සමුළුවට පැමිණ සිටින රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගිවී සිටි.

Trending

Exit mobile version