Connect with us

පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ පෝස්ටර් හය ලක්ෂයක් පොලිසිය ඉරලා!

Published

on

පසුගිය අගෝස්තු මස 17 වැනිදා සිට මේ දක්වා කාලසීමාවේදී ජනාධිපති ධූර අපේක්ෂකයන් වෙනුවෙන් අලවා තිබූ පෝස්ටර් හය ලක්ෂ විසිහත්දාහස් තුන්සියයක් මේ වනවිට පොලිසිය විසින් ඉවත් කර තිබේ.

එමෙන්ම තවත් පෝස්ටර් දෙලක්ෂ හත්දහස් නවසියයක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කියා සිටී.

එමෙන්ම ඊට අමතරව බැනර් 1,500ක් ඉවත් කර තවත් බැනර් 1,100ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිසිය විසින් ඉවත් කර ඇති කටවුට් සංඛ්‍යාව 1,550ක් වේ. 

තවත් කටවුට් 1,600ක් පොලිස් භාරයට ගෙන ඇති බවද හෙතෙම පැවැසීය. 

මීට අමතරව දැන්වීම් හා පත්‍රිකා 7,600ක් ඉවත්කර තවත් දැන්වීම් හා පත්‍රිකා 10,750ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading

පුවත්

ශෂීන්ද්‍ර  අල්ලස් කොමිසමට

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved