පුවත්

ජනපති අරමුදලේ ආධාර 50%කින් ඉහළට

Published

on

ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබා දෙන දීමනාව 50% සිට 100% දක්වා වැඩි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති ශිෂ්‍යාධාර වැඩසටහනකින් අනතුරුව ඊයේ (ජූලි 16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එලෙස පවසා සිටියේ ය.

2022 වසරේ අගෝස්තු මස වනවිට ජනාධිපති අරමුදල වෙත ලැබුණු හෘද රෝග හා වකුගඩු රෝගීන් 8000කට අධික පිරිසකගේ ඉල්ලීම් ගොඩ ගැසී තිබුණු බව හා ඒ සියල්ල එම වර්ෂය තුළ ම ගෙවීමටත්, ගෙවීම් කිරීමේ දී අදාළ දීමනාව 50% සිට 100% දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඉල්ලුම්පත්‍රයක් ලැබී සතියක් තුළ අදාළ දීමනා සඳහා ප්‍රතිපාදන වෙන් කරන තත්ත්වයට එම කටයුතු කඩිනම් කිරීමට වත්මන් රජය යටතේ පියවර ගෙන තිබෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

මීට වසර දෙකකට පෙර ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ ලබා දුන් ආකාරය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද එහිදී පැහැදිලි වන කරුණ වන්නේ සෞඛ්‍යමය හේතු සම්බන්ධයෙන් උදවු අවැසි පුරවැසියන්ට සහන ලබා දීම වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Trending

Exit mobile version