පුවත්

ජනපති ආයෙත් රට යයි!

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් අද අලුයම 03.30ට පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස ඒම සංචාරය සදහා මෙරටින් පිටව ගිය බව ගුවන් ත‌ොටුපල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීමට ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට එක්වෙයි.

ජූනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම” යන්නය.

ජනපති පසුගිය මාසේ ද එංගලන්තයේ සංචාරයක නිරත වූ අතර ඒ චාල්ස් රජුගේ රාජාභිශේකය සදහා එක්වීමටය.

ඒ් මහතා  ලබන ජුලි මාසයේදී නැවත ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සදහා ඒක්වීමට නියමිත බවද වාර්තා වේ.

සබැදි පුවත්:

ජනපති ලබන මාසේ ඉන්දියාවට ! 

Trending

Exit mobile version