ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු කර තිබේ.
එම කොමිසම පැවසුවේ, තැපැල් ඡන්ද සලකුණු කිරීමේ නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ඒ සම්බන්ධයෙන් හෙට (14) රැස්වන කොමිෂන් සභාවේදී තීරණයක් ගැනීමට නියමිත බව ද කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
එළැඹෙන ජනාධිපතිවරණය අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත්‍ර භාර ගැනීම පසුගිය 09 වැනි දා මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කෙරුණි.
ඊට පෙර තැපැල් ඡන්ද අයැදුම්පත්‍ර භාරගැනීම අවසන් වීමට දින නියම කර තිබුණේ, අගෝස්තු 05 වැනි දා ලෙසයි.
එහෙත් ඒ වනවිට ලැබී තිබූ අයැදුම්පත්‍ර සංඛ්‍යාවක ප්‍රමාණාත්මකව අඩුවීම නිසා දින 04කින් අයැදුම්පත්‍ර භාරගැනීමේ කාලය දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබුණි.