රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් අද (24) පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපතිවරයා ගත් තීන්දු දෙකක්ම සම්බන්ධයෙන් අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග දෙකක් පැනවීය.
අද පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවේදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුව සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළත නීතිමය කරුණු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර ප්‍රතිචාර දැක්වීමට තීරණය කර තිබේ.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණේ අද පස්වරුවේ පමණක් බැවින් ඊට අදාළ නීතිමය ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩලයේ මතය වී තිබුණි.
ඒ අනුව ඉදිරි දින දෙක තුළ කැබිනට් මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීම වඩාත් සුදුසු බව ඒකමතිකව තීරණය විය.
මීට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය අප්‍රේල් මස 29 වැනි දින නිකුත් කළ ප්‍රජා කමිටු පත් කිරීම සම්බන්ධ විශේෂ චක්‍රලේඛය යටතේ ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට පත් කළ ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
තවද යෝජිත සමරිසි පනත් කෙටුම්පත සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී එකක් බව සදහන් කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත අද ලිපියක්ද යොමු කර තිබේ.