පුවත්

ජන හා නිවාස සංගණනය අවසන්

Published

on

මෙවර ජන හා නිවාස සංගණනයට අදාළව හිසට වහලක් නොමැති පුද්ගලයින්ගේ තොරතුරු රැස් කිරීමේ කටයුතු ඊයේ (18) දිනයේ සිදුකර තිබේ.

ඊයේ රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ එම තොරතුරු රැස් කිරීම් සිදුකෙරුණු බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.

ඒ අනුව මෙවර සංගණනයේ කටයුතු අවසන් කෙරුණ අතර ඉදිරි දින 05ක කාලය සංගණන කටයුතු යාවත්කාලීන කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

පසුගිය ඔක්තෝබර් 07 වන දින සිට ‍ජන හා නිවාස සංගණනයේ පුද්ගලයින්ගේ සහ නිවාසවල තොරතුරු රැස්කිරීමේ කටයුතු ආරම්භ කෙරුණි.

මේ දක්වා තොරතුරු ලබාගැනීම සඳහා නිවෙස් වෙත සංගණන නිල‍ධාරී පැමිණ නොමැති නම් ඒ පිළිබඳව 1901 කෙටි දුරකථන අංකය ඔස්සේ දැනුම්දෙන ලෙස ද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

සංගණන කටයුතු යාවත්කාලීන කිරීමෙන් අනතුරුව මාසයක් ඇතුළත මූලික වාර්තාව නිකුත් කිරීමට කටයුතු කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසුවේය.

Trending

Exit mobile version