පුවත්

ජපන් අගමැතිත් ශ්‍රී ලංකා සංචාරය අත්හරියි

Published

on

මේ සතියට යෙදී තිබුණු ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ පැවැත්වෙන ජී 20 රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන අතරතුර එක්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ජපාන අග්‍රාමාත්‍යවරයා මුලින් සැලසුම් කර තිබිණි.

කෙසේවුවද, ජපන් අගමැතිවරයා ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවීමට හේතුවද මේ දක්වා හෙළිව නොමැත.

මෑත කාලයේදී මෙසේ රාජ්‍ය නායකයකු පැමිණීමට සැලැසුම්කර සිට පසුව නොපැමිණි දෙවැනි අවස්ථාව මෙය වේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී රාජ්නාත් සිං මහතා පසුගිය සැප්තැම්බර් 02 – 03 යන දිනවල මෙරට සංචාරයක නිරතවීමට නියමිතව සිට පසුව ඒය අත්හරිනු ලැබීය.

සබැඳි පුවත්

ජපන් අගමැති ඉන්දිවට ආ ගමන් ලංකාවටත්

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ සංචාරය කල් යයි 

Trending

Exit mobile version