පුවත්

ජපන් ගිය ශ්‍රීලංකන් ගුවන්යානය මගින් හරවලා!

Published

on

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුප‌‌ළේ සිට ජපානයේ නරීටා බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.

“ඒ  330 – 300” එයාර් බස් වර්ගයේ මෙම ගුවන් යානය මගීන් 301 දෙනෙකු සමග ඊයේ (28) රාත්‍රී 8.20ට පමණ ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

යානය ගුවන් ගත කොට පැය 02යි විනාඩි 25ක පමණ කාලයකට පසු කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වු බව වාර්තා වේ.

එහිදී මගීන් හෝ කාර්යය මණ්ඩලයේ කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුව ගුවන් මගීන් වෙනත් ගුවන් යානයක් මගින් ජපානයේ නරීටා වෙත යොමුකිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Trending

Exit mobile version