Connect with us

පුවත්

ජපානයෙන් – ලංකාවට ක්ලීන් රස්සා කෝටාවක්

Published

on

 කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයෙන් කළ ඉල්ලීමක් අනුව ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කිරීමේ සේවා අංශයේ වෘත්තීය රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වන අතර එම ශ්‍රමිකයින් තෝරා ගැනීම සදහා වන පරීක්ෂණ මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ වේ.

අමාත්‍යවරයා සහ ජපානයේ ගොඩනැගිලි පිරිසිඳු කරන්නන්ගේ සංගමය අතර ඊයේ (28) දිනයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡවකදී මේ බව අනාවරණය විය.

එසේම, සිය ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලබාදෙමින් මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත කිරීම සම්බන්ධයෙන් ජපන් රජයට සහ ආගමන විගමන විශය භාර එරට අධිකරණ අමාත්‍යවරයාට මනුෂ නානායක්කාර මහතා සිය ස්තුතිය පුද කළේය.

එන් 4 මටටමේ ජපන් භාෂා ප්‍රවීනතාවය ලබාගත් අයට SSW ඛාණ්ඩය යටතේ මේ සදහා සුදුසුකම් ලබන අතර සුදුසුකම් තහවුරු කරගැනීමේ පරීක්ෂණ කොටස් දෙකකින් සමත්විතවේ. එහිදී ලිඛිත පරීක්ෂණයක් මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණයක්ද පැවැත්වේ. 

ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රය යටතේ SSW පරීක්ෂණය සදහා මුහුණදීමට අපේක්ෂිත ශ්‍රමිකයින් සදහා වන පුහුණු අවස්ථා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විමසා සිටි අතර එයට ප්‍රතිචාර දැක්වූ ජපන් නියෝජිතයින් සදහන් කළේ ඒ සදහා අවශ්‍ය පෙළපොත් සහ වීඩියෝ පට සකස් කර ඇති බවය. 

ඒවා ජනතාව අතරට ගෙන යාම සදහා ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

මෙම රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින්ට SSW 2 මට්ටමට යොමුවීම මගින් කළමනාකාර තනතුරු සඳහා යොමුවීමටද අවස්ථාව හිමිවන බවත් එමගින් ජපානයේ ස්ථිර පදිංචියටද අවස්ථාව හිමිවන බවද ජපාන නියෝජිතයින් මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සදහා ජපානයේ  ගොඩනැගිලි පිරිසිදු කරන්නන්ගේ සංගමයේ විශේෂ නියෝජිත Sachio Sugiyama ඇතුළු ජපන් නියෝජිතයෝ එක්ව සිටියහ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved