Connect with us

පුවත්

ජපානය සිය තීරණය, ශ්‍රී ලංකාවට නිළ වශයෙන් දැනුම් දෙයි

Published

on

ජුලි 23 වැනි දින, නිල ණය හිමියන්ගේ කමිටුව (OCC) සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම අවසන් වීමෙන් පසුව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම කඩිනමින් අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ, 2022 දී ශ්‍රී ලංකාව ණය ගෙවීම නවතා හැරීමෙන් පසුව අත්හිටුවා තිබූ යෙන් ණය ව්‍යාපෘති සඳහා නැවතත් ගෙවීම් ආරම්භ කිරීමට ජපන් රජය නිල වශයෙන් තීරණය කර ඇත.

ජුලි මස 24 වන දින, ශ්‍රී ලංකා රජය, ජපන් තානාපති කාර්යාලය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ශ්‍රී ලංකා කාර්යාලය එක්ව මෙම සුවිශේෂී තීරණය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ නිළ ණය හිමියන්ගේ කමිටුව අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම සම්පූර්ණ කිරීම පිළිබඳව තම සුභාශිංසනය පළ කළ තානාපති මිසුකොෂි හිදයකි මැතිතුමා, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙහෙයවීම සහ අවසන් කිරීම සඳහා නිළ ණය හිමියන්ගේ කමිටුවෙහි සම සභාපතිවරයෙකු ලෙස ජපන් රජය ඉටු කළ, පෙර නොවූ විරූ මුලපිරීම සහ කැපී පෙනෙන දායකත්වය මෙහිදී ඉස්මතු කළේය.

රට නැවතත් තිරසාර මාවතකට යොමු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන විස්තීරණ ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ, ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් දරණ අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව ද තානාපති මිසුකෝෂි මහතා ශ්‍රී ලංකා බලධාරීන්ට සිය ප්‍රශංසාව පළ කළේය. අත්හිටුවා ඇති සියලුම යෙන් ණය ව්‍යාපෘතින්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය, ප්‍රවර්ධනය කරන තීරණාත්මක යටිතල පහසුකම් බව ඒතුමා ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ජපානයේ ඇති අඛණ්ඩ සහ නොසැලෙන කැපවීම තවදුරටත් තහවුරු කළේය.

ජයිකා ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ නියෝජිත ඉඩේ යූරි මහත්මිය විසින් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සභාපති ආචාර්ය ටනාකා අකිහිතෝ මහතා විසින් ගරු. ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා වෙත එවන ලද, මෙම තීරණය නිළ වශයෙන් දැනුම් දීම සඳහා වන සංදේශය, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත මේ අවස්ථාවේ දී භාර දෙන ලදී

යෙන් ණය ව්‍යාපෘතීන් නැවත ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සමාජය ස්ථාවර කිරීමට දායක වන අතර, දිගු කාලීන තිරසාර වර්ධනයක් කරා වේගයෙන් ගමන් කිරීමට ඉවහල් වනු ඇති බවත් ඒ තුළින් දේශීය මෙන්ම විදේශීය යන දෙඅංශයේම ජනතාවගේ සහ පෞද්ගලික ව්‍යාපාරයන්හී ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය නැවතත් ලබා ගැනීමට මෙමගින් මග පෑදෙනු ඇතැයි ඉඩේ යූරි මහත්මිය සිය බලාපොරොත්තු පළ කළාය.

මුදල් අමාත්‍යංශ ලේකම්, සිරිවර්ධන මහතා මෙම තීරණයට සිය බලවත් කෘතඥතාව සහ අවංක ස්තූතිය පළ කළ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ජපානයේ විශිෂ්ට මුලපිරීම සහ දිගුකාලීන  කැපවීම බෙහෙවින් අගය කලේය.

යෙන් ණය ව්‍යාපෘති සඳහා නැවත ගෙවීම් ආරම්භ කිරීම, ජපානය සහ ශ්‍රී ලංකාව අතර බැඳීම තවදූරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනවා මෙන්ම මෙම දූපත් රාජ්‍යට, නැවතත් අපේක්ෂිත ආර්ථික සංවර්ධනය කරා ගමන් කිරීම තුළින්, ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වේ.

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved