දෙදින නිල සංචාරයක් සදහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය ලබන මැයි 04 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
එම සංචාරයේදී ඇය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සමග ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එසේම ඇය කොළඹ වරායේ නිරීක්ෂණ සංචායකට ද එක්වීමට නියමිත බව ද වාර්තා වේ.
ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත කරණයට අදාළ අවසන් ගිවිසුම සම්බන්ධයෙන්ද ඇය සමග සාකච්ඡා කිරීමට මෙරට බලධාරීන් සූදානමින් සිටින බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.