පුවත්

ජ’පුර බාහිර පාඨ­මාලා අංශයේ මූල්‍ය අක්‍ර­මි­කතා රැසක්

Published

on

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ බාහිර පාඨ­මාලා අංශ­යෙහි මූල්‍ය අක්‍ර­මි­කතා රැසක් සිදුව ඇති බවට පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභා­වේදී පසු­ගි­යදා අනා­ව­ර­ණය වී ඇත.

එම විශ්ව­වි­ද්‍යා­ලයේ බාහිර පාඨ­මා­ලා­ව­ලට ගාස්තු අය­ක­රන ආකා­රය සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි ක්‍රම­වේ­ද­යක් විනි­විධ ලෙස දක්නට නොලැ­බෙන අත­රම මෙලෙස ලබන සමස්ත ආදා­යම දේශ­ක­ව­රුන් අතර බෙදී යාමේ ක්‍රම­වේ­ද­යක් නිරි­ක්ෂ­ණය වන බව ද පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභා­වේදී අනා­ව­ර­ණය විය. පොදු ව්‍යාපාර පිළි­බඳ කාරක සභාව එහි සභා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සම­ර­වීර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදී රැස්වූ අතර ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ පාල­නා­ධි­කා­රිය එදින කැඳවා තිබිණ.

එහිදී කෝප් කමිටු සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සම­ර­වීර මහතා මෙසේ පැවැ­සු­වේය.

‘මේක රාජ්‍ය ආය­ත­න­යක්. අපි හිතන්නේ නැහැ මෙම ආය­ත­නය ලාබ ලබන ආය­ත­න­යක් කියලා. නමුත් යම් මූල්‍ය තත­ත්ත්ව­යක් පව­ත්වා­ගෙන යායුතු බව ඇත්ත. ලාබ ලබන ආය­ත­න­යක් ලෙස නෙවෙයි මෙය තිබෙන්නේ.‘

එහිදී වැඩ­බ­ලන විග­ණ­කා­ධි­ප­ති­ව­රයා

“ විශේ­ෂ­යෙන්ම මෙහි ස්වයං පාඨ­මා­ලා­ව­ලට අදා­ළව 2024 වසර ගත්තම පාඨ­මා­ලා­ව­ලින් මිලි­යන 1,036ක ආදා­ය­මක් උපයා තිබෙ­නවා. බාහිර විභාග ඒක­කය විත­රක්. එහි විය­දම ලෙස මිලි­යන 866ක් වැයවී තිබෙ­නවා. සමස්ත දේශන ගාස්තු ඇතුළු අනෙ­කුත් විය­දම් ඊට ඇතු­ළත් වෙනවා. ඒ වගේම මේ සියලු විය­දම්ද සමඟ මිලි­යන 156ක අති­රි­ක්ත­යක් තිබෙ­නවා. 2024 වසර තුළ පාඨ­මාලා විය­දම ලෙස මිලි­යන 878ක්. නමුත් මෙය මූළ්‍ය ප්‍රකා­ශ­න­වල තිබෙන්නේ මිලි­යන 491ක් ලෙසයි. අනිත් කාර­ණය තමයි මේ මිලි­යන 878 ඇතුළේ වැඩි ප්‍රමා­ණ­යක් දේශන ගාස්තු. මේ දේශන ගාස්තු තුළ විශ්ව­වි­ද්‍යා­ල­වල දේශන ගාස්තු අය­ක­රන ආකා­රය සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි ක්‍රම­වේ­ද­යක් හදු­නා­ග­න්නට නැහැ. අව­සා­නයේ දී මේ පාඨ­මාලා හරහා උප­යා­ගත් ආදා­ය­ම්ව­ලින් අද වන­විට 6,875ක ස්ථාවර තැන්පතු පව­ත්වා­ගෙන යනවා“ 

Trending

Exit mobile version