පුවත්

අත්අඩංගුවට ගත් සිසුන්ට ඇප (UPDATE)

Published

on

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේම සිසුන් හත් දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (07) දින නියෝග කළාය

ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදුකර හෝමාගම මූලස්ථාන පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.


(පෙර පුවත 2025 මැයි 07 පෙ.ව.10.13 )

ජ’පුර සිසුවාට පහර දුන් 06ක් අත්අඩංගුවට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ,23, 24 යන වයස්වල පසුවන සිසුන් බව වාර්තා වේ.

පහර කෑමට ලක් වූ ශිෂ්‍යයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්තඩංගුවට ගෙන ඇත.

ඔහු විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ලේ සදහන් වන්නේ තමන් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් තමා හට හෙල්මට් වලින් හා අතින් පයින් පහර දී තුවාල සිදු කළ බවය.

අදාළ පැමිණිල්ලට අනුව පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සදහන් කර තිබේ.    

සබැඳි පුවත්

Trending

Exit mobile version