ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත ගජධීරආරච්චි මහතා සඳහන් කළේ, මේ වනවිට මණ්ඩලයට බිල්පත්වලින් අයවිය යුතු හිග මුදල රුපියල් බිලියන 12 ක් පමණ වන බවයි.
තම ජල බිල කඩිනමින් ගෙවීමෙන් අනවශ්‍ය විසන්ධි කිරීම් වළක්වා ගත හැකි බවද ඔහු දැනුම් දෙයි.
මේ අතර, ජාතික පාරිභෝගික පෙරමුණේ(JPP) සභාපති අසේල සම්පත් මහතා කියා සිටින්නේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව හෝටල්වලට ගොස් කෑම ගැනීමට වඩා වතුර බීම සිදු කරන බවත්, ඉන් හෝටල්වල වතුර බිල වැඩිවී ඇති බවයි.
මේ තත්ත්වය හේතුවෙන් ඇතැම් හෝටල්වල මේ වන විට නොමිලේ වතුර ලබාදීම පවා සීමා කර ඇති බවද අසේල මහතා හෙළිකළේය.
ආදායමක් නොමැතිව විශාල ජල බිල්පත් ගෙවීමට හෝටල්වලට පවතින අපහසුතාවය හේතුවෙන් ජල බිල්පත් ගෙවීම පැහැර හැරීම දිගින් දිගටම සිදුවෙමින් ඇතැයි ද ඒ මහතා පැවසීය.
මේ අතර, යාපනයේ LAVIN’S නිර්මාන්ශික අවන්හලේ උණුවතුර වීදුරුවක් රුපියල් 100ක් වැනි මුදලකට අලෙවි කිරීමේ පුවතක් පසුගියදා වාර්තා විය.
සබැඳි පුවත්:
උණුවතුර වීදුරුව රුපියල් 100 යි; තැන යාපනේ