පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කලක් රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය.
ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසින් හා සිංහල අධ්‍යනාංශයේ අංශාධිපතිවරයෙක් ලෙසද කටයුතු කලේය.
විශිෂ්ට දේශකවරයෙක් ලෙසද ඔහු බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටියේය.
දේහය මේ වනවිට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය කටයුතු පිළිබඳ පසුව දැනුම්දීමට නියමිතය.