රුපියල් ලක්‍ෂයකට අඩු බැංකු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පොලිය රඳවා තබා ගැනීමේදි මුහුණ දුන් ගැටලු විසදමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (27) පවසා ඇත.
ඒ අනුව එවැනි ගිණුම්වලට වසරක් ගත නොවුණ ද පොලිය ගැනීමේ අවස්ථා හිමිවන බවද ඔහු පෙන්වාදී ඇත.
මෙම ගිණුම් පිළිබඳව තොරතුරු 1944 ක්‍ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් ද ගතහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා අද (27) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.
තවද මේ සඳහා විමසීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සෑම කාර්යාලයකම වෙනම නිලධාරීයෙකුද පත්කර ඇත.