Connect with us

පුවත්

ජාත්‍යන්තර සහය ගෙන හෝ රනිල්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නවා – බිමල්

Published

on

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගකිවයුත්තන්ට නීත්‍යානුකූලව පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (10) පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පළමු දින විවාදයට එක්වෙමිනි.

ජාත්‍යන්තර සහාය ලබාගෙන හෝ මෙලෙස නීත්‍යානුකූලව පියවර ගන්නා බව ඔහු පැවසීය.

මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාදය එළඹෙන පාර්ලිමේන්තු දිනකදී දෙවන දිනටත් පැවැත්වීමට අද දිනයේ සභාවේ එකඟතාව පළවිය.

පාර්ලිමේන්තුව මැයි මස 08දා යළි රැස්වීමට නියමිතය.

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

Published

on

By

මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16කට පසු  පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමත් සමඟම සැදැහැවත් ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් “සිරි දළදා වන්දනාව” ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය.

ආරම්භක දිනය වන අද (18) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් දළදා මාළිගාව වෙත පැමිණ සිටියහ. අද දින ප.ව 5.00 දක්වා  ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත.

බුද්ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුද,  වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු, මහා කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ සාමාජිකයන් හා දෙස් විදෙස් සැදැහැවත් ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

දළදා ප්‍රදර්ශනයට ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්

Published

on

By

“සිරි දළදා වන්දනාව” විශේෂ දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

අද (18) දිනයේ සිට එළැඹෙන 27 වැනි දින දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත විශේෂ දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මේ සඳහා සහභාගී වන සියලුම පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබා දීමට වැඩබලන පොලිස්පතිවරයා  විසින් පොලීසිය වෙත උපදෙස් ලබා දී තිබේ.

මේ අනුව විශේෂ රාජකාරි යෙදි සිටින නිලධාරීන්ට තම සේවා ස්ථානයෙන් බැහැරව දින 10කට අධික කාලයක් දිවා සහ රාත්‍රි කටයුතු සිදු කිරීම හේතුවෙන් එම නිලධාරීන්ට දැරීමට සිදුවන අමතර වියදම් සලකා බලා මෙම විශේෂ දීමනාව ලබා දීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

“සිරි දළදා වන්දනාව” ආරාධනා පත්‍රය ගැන පැහැදිලි කිරීමක්

Published

on

By

සිරි දළදා වන්දනාවට අදාළව විශේෂ ආරාධිත අමුත්තන් වෙත කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කරන නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එලෙස හැඟෙන පරිදි ලෙස නිර්මාණය කරන ලද අදාළ ආකෘතිය ව්‍යාජ බව ඒ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුම් සිරි දළදා වන්දනාවේ පූජනීයත්වය සුරකෙන පරිදි කටයුතු කරන මෙන් සියලු පාර්ශවයන්ගෙන් රජය ඉල්ලා සිටියි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved