පුවත්

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන ගොබ්බයන් – විමල්ගෙන් හෙළිදරව්වක්

Published

on

ඇඟිල්ලක තුවාලයක් කියා යුද්ධය නිම වනතුරු උතුරු නැගෙනහිර නොගිය ගොබ්බයන් ජාතික ආරක්ෂාව පිළිබඳව ටියුෂන් දෙන්න සූදානම් වීම විහිළුවක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නිරුවත් වානරයාගේ කතා වස්තුව යන තේමාව යටතේ කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක් වෙමිනි.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මෙහිදී මෙසේද අදහස් දැක්වීය.

‘‘පාතාලයේ කුඩු, ඒ වාගේම අල්ල අල්ල ගිය පොලිස්පතිවරු උසාවියෙන්ම අක්‍රිය කළා. දැන් ඉන්නෙ වැඩබලන පොලිස්පතිලා. අද උසාවිය ඇතුළටම ඇවිල්ලා නීතිඥයන්ගේ වෙස් අරගෙන වෙඩි තියලා යනවා. මහා සරදමක්. මට මතකයි ආරක්ෂක නියෝජ්‍ය ඇමැති හමුදාවේ හිටපු කෙනෙක් උන්නැහේ ඡන්දෙ කාලෙදි කිව්වා ජාතික ආරක්ෂාව අපි දෙන්නම් කියලා. ඔහොම නාට්‍යවලත් ඉන්නවා චරිත. එන්නකො බංකුවකුයි පොතකුයි පෑනකුයි අරගෙන ටියුෂන් දෙන්නම් ජාතික ආරක්ෂාව ගැන කියලා. දැන් උගන්වන්න.

මේ ගොබ්බසේන ගැන මම හොයලා බැලුවා යුද්දෙ වෙලාවේදි ඇඟිල්ලක තුවාලයක් වෙලා එහෙමම ආවා කොළඹට. යුද්දෙ ඉවරවෙනකල් ගියෙ නෑ පැත්ත පළාතෙ. මහ ලොකු චණ්ඩියා නියෝජ්‍ය ඇමැති. ඇඟිල්ලක තුවාලයක් කියන්නෙ මාරන්තික දෙයක් නෙමෙයිනෙ. කොළඹට ආවා ඒක පෙන්නගෙන යුද්ධෙ ඉවර වුණාට පස්සෙ ඒකෙ රෙජිමේන්තු ප්‍රධානියෙක්. රෙජිමේන්තුව එහෙ ප්‍රධානියා මෙහෙ. ඔන්න උන්නැහැගේ යුද්ධ කලාව.

එහෙම කබ්බො තමයි දැන් මේ ජාතික ආරක්ෂව ගැන කියන්න බංකුවක් අරගෙන පොතකුයි පෑනකුයි අරං අපි දෙන්නම්කො ජාතික ආරක්ෂාව කියලා. ඉංග්‍රීසියෙනුත් කියනවා නැෂනල් සිකුයුරිටි කියලා. අනුරටම හරියන පට්ට බඩු ටිකක් සෙට් වෙලා තියෙන්නෙ. ඔක්කොම කයිසන්ලානේ ඔක්කොම කයියට නම් මරු. ඒ කතාව ඇහුවම අත්පුඩි ලෙල්ලටම ගහනවා. ඒක මම හිටියත් ගහනවා. ගහන්න හිතෙනවානේ එහෙම කියනකොට. දැන් පළවෙනි වතාවට නඩුකාරයා නඩු අහනවා අරයා විත්ති කුඩුවේ ඉන්නවා මෙහෙම වෙලා තියෙනවාද මීට කලින්. නීතිය පසිඳලන නඩුකාරයාට කලින් තීන්දුව දෙනවා එතනටම ඇවිත් ඒක යුක්තිය පසඳලීම නව වර්ෂන් එක.’’

මූලාශ්‍රය –  අරුණ

නිරුවත් වානරයාගේ කතා වස්තුව | USAID | NED

නිරුවත් වානරයාගේ කතා වස්තුව 🇺🇸 | USAID | NED | ජාතික අධ්‍යයන කේන්ද්‍රය සංවිධානය කළ “නිරුවත් වානරයාගේ කතා වස්තුව“ බුද්ධිමය සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය #usaid #NED

Posted by Wimal Weerawansa on Wednesday, February 19, 2025

Trending

Exit mobile version