සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වාර්තා ගත ආදායමක් ලබා තිබේ.
පසුගිය 23 වනදා වන විට එය රුපියල් මිලියන 4427ක් බව සඳහන්ය.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවේ දෙපාර්තමේන්තුවට අයත් ආයතනවලින් වැඩිම ආදායමක් ලබා ඇත්තේ පින්නවල අලි සුරක්ෂිතාගාරය බවය.
එය උපයා ඇති ආදායම රුපියල් මිලියන 876කි.
ජනවාරි / මාර්තු සහ අප්‍රේල් මාස වල වැඩිම ආදායමක් උපයා ඇති බවයි මාරසිංහ මහතා පවසයි.
කෝවිඩ් සමයේ තාවකාලිකව නතර කර තිබූ සතුන් හුවමාරු වැඩසටහන යළි ආරම්භ කර තිබේ.
ඒ යටතේ දුඹුරු වලසුන් ඇතුලු සතුන් හුවමාරු කිරීමට සැලසුම් කර ඇත.