Connect with us

පුවත්

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඓතිහාසික නියෝග

Published

on

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට  එදිරිව තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව දැමූ පැමිණිල්ලක් වෙනුවෙන් නියෝගයන් ලැබී තිබේ.

මෙම පැමිණිල්ල ගොණුකර තිබුනේ Stop Child Cruelty Trust සංවිධානය විසිනි.

අදාළ තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව දැමූ පැමිණිල්ලට ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබුනු නියෝග මෙසේය.

1. ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබුණු පැමිණිලි වලට පහුගිය වසර 10 තුළ කෘරත්වයට අදාලව සහ ලිංගික අපයෝජන වලට අදාලව ලබාගත් දණ්ඩ විනිශ්චයන් කීයද?

  • ළමා අපයෝජන සම්බන්ධ  අධීක්ෂණයේ අනිවාර්ය අංගයක් වන නඩු කටයුතු වල ප්‍රගතිය පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා පොදු අධිකාරිය සැලැස්මක් සකස් කල යුතු අතර එය මාස 3ක් තුළ ඉදිරිපත් කල යුතුයි.

2. අධිකාරියේ ප්‍රගතිය සටහන් වෙන වාර්ෂික වාර්ථා මහජනතාවට ප්‍රදර්ශනය කල යුතුය.

  • 2019, 2020, 2021, 2022 වාර්ථා සියල්ල 2024/05/10 දිනට පෙර ලබා දිය යුතුය.

3. අධිකාරියේ වෙබ් අඩවියේ දත්ත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නොව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව සිංහල සහ දෙමළ භාෂා වලින් ඉදිරිපත් කළ යුතුය.

ස්වාධීන ආයතනයක් ලෙස 1998 අංක 50 දරණ පාර්ලිමේන්තු පනත ප්‍රකාරව ඉමහත් බලතල ඇති ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ’ අකර්මණ්‍යතා නිසා මහජන විශ්වාසය පළුදුවීම සිදුවෙමින් පවතිනා අතර එය වැළැක්වීම වෙනුවෙන් ගන්නා ලද පියවරක් ලෙස මෙම තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාර පැමිණිල්ල ඉදිරිපත් කල බව Stop Child Cruelty Trustසංවිධානය සඳහන් කරයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 2022 වසරේ දී COPE කමිටුව හමුවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මිලියන ගණනක් වංචා කල බව ද මින් ඔප්පු වූ බවයි.

රාජ්‍ය ආයතනක් වශයෙන් ආයතනයේ නිලධාරීන් වගවීමට ලක් කිරීමත් දරුවන් ආරක්ෂා කිරීමට ඔවුන් බැඳී සිටින වගකීම වචන වලට සීමා නොවී කාර්යක්ෂම සේවයක් වෙනුවෙන් දිරි ගැන්වීමත් ස්වකීය පරමාර්ථය බව විසින් වැඩිදුරටත් සඳහන් කරයි.

( Stop Child Cruelty Trust නිල Facebook පිටුව)

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved