ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ශ්‍රමික කාන්තාවන් බඳවා ගන්නා සේවා යෝජකයා විසින් අනිවාර්යෙන්ම මෙම රක්ෂණය ලබා ගෙන සිටිය යුතු බවයි.
එමෙන්ම රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමේදී අදාළ රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුයි.
එහිදී ජෝර්දාන රජය විසින් අනුමත කර ඇති රක්ෂණ යෝජනා 3 ක් අතරින් සුදුසු රක්ෂාවරණයක් තෝරා ගැනීමේ අවස්ථාව සළසා තිබේ.
ශ්‍රමිකයන් මිය ගිය හොත් සහ හදිසි අනතුරකින් පූර්ණ ලෙස අබාධ තත්ත්වයට පත් වුවහොත් එහි වන්දි පිරිනැමෙනු ඇත.