බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලදී.
කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (11) මෙම නියෝගය නිකුත් කලේය.
ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෝසමක් ගොනු කරමින් උන්වහන්සේට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස සිදුකළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබුණි.
මෝසම ගොනු කරන අවස්ථාවේ ඥානසාර හිමියන් විවෘත අධිකරණයේ පෙනී සිටි අතර කොම්පඤ්ඤවීදිය පොලිසිය මීට අදාළ පැමිණිල්ල ගොනු කර තිබේ.
2014 වසරේ දී ජාතික බොදුබල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඥාණසාර හිමියන්ට වරෙන්තු නිකුත් කර තිබුණි.
මෙම සිද්ධියට අදාළ නඩු විභාගය ලබන 2025 වසරේ මාර්තු මස 5 වැනි දා දක්වා කල් තැබුණි.
සබැඳි පුවත්:
ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්