Connect with us

පුවත්

ටෙලිකොම්හි ෆයිබර් ඔප්ටික් කේබල් 5ත් වික්කම ලංකාවට අබ සරණයි

Published

on

විකුණා දැමීමට යන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු භෞතික වත්කම් අතර වඩාත්ම වටිනා සම්පත ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට සන්නිවේදන පහසුකම් සලසන භූගත කේබල් 5කින් සමන්විත කේබල් පද්ධතිය (ටෙලිකොම් සතු සබ්මැරීන් ෆයිබර් ඔප්ටික් කේබල් පද්ධතිය) බව වාර්තා වේ.

මේවන විට ටෙලිකොම් මිලදී ගැනීමට මැලේසියාව හා ඉන්දියාව අතර දෙකොන් සටනක් ආරම්භ වී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා ටෙලිකොම් රජය සතු 49.5% විකුණන්නේ නම් එම කොටස ලබා ගැනීමට මුලින්ම ආරාධනා කළ යුතුවන්නේ ටෙලිකොම් හි 44.98% ක් කොටස් හිමි මැලේසියාවේ GTLH වෙත බව පැවසේ. 

ටෙලිකොම් පෞද්ගලීකරණ ගිවිසුම අනුව මැලේසියානු ජාතික ශ්‍රී ලංකා සම්භවයක් හිමි දමිළ බෞද්ධ ආනන්ද ක්‍රිෂ්ණන් සතු GTLH සහ ශ්‍රී ලංකා රජය සතු කොටස් තෙවන පාර්ශවයකට විකිණීමට තහංචි පනවා ඇත. 

අදාළ තත්ත්වය හේතුවෙන් මැලේසියානු සමාගම විසින් ඉතිරි කොටස් මිලදී ගැනීම ප්‍රතික්ශේප කලහොත් පමනක් රජයට තෙවැනි පාර්ශවයකට තමාසතු 49.5 % ක කොටස් විකිණිය හැකිවේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන ලාලිත හේවාගමගේ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ දැනටමත් ඩයලොග් ආයතනයේ 82.74% කට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් මැලේසියාවේ ඩයලොග් ආසියාටා සතුවන බවත්, ටෙලිකොම් ආයතනයත් මැලේසියාව සතුවූ විට ශ්‍රී ලංකාවේ සමස්ථ විදුලි සන්දේශ අයිතිකරු මැලේසියාව වනු ඇති බවයි.

දකුණු ඉන්දියනු, පෘතුග්‍රීසි, ලංදේසි සහ ඉංග්‍රීසි යටත් කර ගැනීම් වලට සාපේක්ෂව මෙය සුන්දර අත්පත් කරගැනීමක් බවද ඔහු පෙන්වාදෙයි.

ගිවිසුම කඩකර ලයිකා මොබයිල්, රිලයන්ස්, අම්බානි වැනි තෙවැනි ගැනුම්කරුවෙකට රජය සතු කොටස් පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තිරය පිටුපස සිටින ගෝල බාලයන් උත්සාහය දරමින් සිටින බවද ඔහු කියා සිටී.

ඔහුන් තම අරමුණ ජයගත්තද අනාගතයේ දිනක ජාත්‍යන්තර අධිකරණයක් හමුවේ GTLH (මැක්සීස්) වෙත අති විශාල වන්දි මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවට ද ලාලිත මහතා අනතුරු අඟවා ඇත.

එය සමහර විට රජය සතු කොටස් විකුණා ලබාගන්නා මුදලටත් වඩා වැඩිවනු ඇතැයි ද ඔහු කියා සිටී.

මොළ ගෙනාව නැව් මේතරම් ගොංද?

ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ ලෝකයේ විශාල ආර්ථික ඇති දියුණු රටවල් සිය ආර්ථික ප්‍රවර්ධනය වාර්තමානයේ අත්පත් කරගනු ලබන්නේ ඊ වානිජ ලෝකය වෙත ගමන් කිරීමෙන් බවයි.

ඒ අනුව රටක් දියුණු කිරීමට එරට සංනිවේදන පද්ධතියේ අයිතිය රජය සතුව තිබීම වඩාත් වැදගත් බවයි.

එසේම ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේවන විටත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය හා එහි දත්ත ගබඩාව තමන් සතුකර ගැනීමට ඉන්දීයාව ඉතා සූක්ෂමව කටයුතු කරමින් සිටින බවත්, එහි දෙවැනි පියවර ජාතික සංනිවේදන ජාලය සියතට ගැනීම බවයි.

ටෙලිකොම්ට ඉව අල්ලන ඉන්දීය වෘකයෝ

අප වෙත වාර්තා වන ආකාරයට සුප්‍රකට ඉන්දීය ව්‍යාපාරික පවුලක් වන මිත්තල් පවුලට අයත් රිලයන්ස් සමාගම, එසේම මුකේෂ් අම්බානිට අයත් ජියෝ සමාගම සහ සුභාෂ්කරන් අලි රාජාට අයත් ලයිකා මොබයිල් ආයතනය ටෙලිකොම් ආයතනය මිලට ගැනීමට උනන්දු වන බව තහවුරු වී තිබේ. 

මෙයින් රිලයන්ස් සමාගම දැනට මෙරට එයාර්ටෙල් ආයතනයේද හිමිකාරිත්වය දරයි.

අසාර්ථකම සභාපති රොහාන්….

මේ අතර, ටෙලිකොම් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ ටෙලිකොම් වෙත පත්වූ අසාර්ථකම සභාපතිවරයා වන්නේ වත්මන් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා බවයි.

ඔහු පහුගිය කාලයේ ටෙලිකොම් ලාභ ලබන බව කියමින් පත්තරවල පිටු ගණන් කතා කළ ද මේවන විට එවැනි ලාභ ලබන ආයතනයක් විකුණා දැමීම සම්බන්ධයෙන් කිසිවක් නොකියා නකුට පස්ස පැත්තේ ගසාගෙන සිටින බවයි.

රටේ සම්පත් විකිණීම ගැන නන්දා මාලිනී එදා කී දේ.

සබැඳි පුවත්

ටීවී, රේඩියෝ අල්ලාගත් අලිරාජා ටෙලිකොම් හා ලංකා රෝහලත් ගිලියි!

ටෙලිකොම් ඉන්දියාවට: අදානි,සුභාෂ්කරන් කාගේ හවුලක්ද?

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved