Connect with us

පුවත්

අවසන් ගමන්න යන්න කළින් 6කට පණ දීලා යයි!

Published

on

මොලේ මියගිය ගොස් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක ගෙන් ඇයගේ පවුලේ අයගේ අවසරය ඇතිව ලබාගත් හදවත සහ පෙනහළු දෙක දැඩි ලෙස රෝගාතුරව සිටි නිර්වින්දන වෛද්‍ය විශේෂඥවරියකට එක්වරම කොළඹ ජාතික රෝහලේ දී  බද්ධ කර ඇය සුවය ලබමින් සිටින බව මෙම ශල්‍යකර්මයට හවුල් වූ විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාදීපයට  පැවසීය.

හදවත් රෝගයකින් හා පෙනහළු ආබාධයකට ලක්ව සිටි රෝගියකුට එක් වරම මෙම අවයව බද්ධ කරනු ලැබුවේ මෙරට වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට බවද වෛද්‍ය විශේෂඥවරු පවසති.

ඉන්දීය විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ මේ රට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ව මෙම නිර්වින්දන වෛද්‍ය විශේෂඥවරියට හදවත සහ පෙනහලු දෙක එක්වරම බද්ධ කර ඇත මෙම සැත්කම සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ උපරිම දායකත්වය ලබා දී තිබේ.

මීට අමතරව මොලේ මියගිය මෙම සිසුවියගේ ලබාගත් වකුගඩු දෙක සහ අක්මාව වකුගඩු රෝගයෙන් පෙළුණු රෝගීන් දෙදෙනකුට සහ අක්මා රෝගියකුට බද්ධකර ජීවිතයත් මරණයත් අතර  එම රෝගීන් තිදෙනාද සුවය ලබමින් සිටින බව එම විශේෂඥ වෛද්‍ය වරයා කීය

මෙම සිසුවියගේ ඇට මිදුළු ද රෝගීන්ට බද්ධ කිරීම සඳහා ලබාගෙන ඇත

සිසුවිය ජීවතුන් අතර සිටියදී ලබාදුන් පොරොන්දු පත්‍රයක් අනුව ඇස් දෙක ද ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කරඇති අතර එයින් දෑස් නොපෙනෙන දෙදෙනකුට ලෝකය දැක ගැනීමේ වාසනාව ඉදිරියේදී හිමිවනු ඇත.

මෙසේ සිරුරේ අවයව බද්ධ කිරීමට ලබාගත්තේ නිකවැරටිය,අඹන්පොළ පළමු පටුමගේ පදිංචිව සිටි ඒ. එච්. ටී. විහගනා නුවන්මිනි ආරියසිංහ නැමැති සිසුවිය ගෙනි

මෙම සිසුවියගේ මොලේ අභ්‍යන්තර ඇතිව තිබූ ගෙඩියත් නිසා රෝගී ව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළේ මිය ගොස් තිබිණි.

විහගනා සිසුවිය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක වන අතර ඇය පසුගියදා පැවති උසස් පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් වාණිජ විද්‍යා විෂයයන්වලින් පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් පසු වූවාය.

(ලංකාදීප)

පුවත්

ජපාන විදේශ ඇමතිනි ලංකාවට

Published

on

By

දෙදින නිල සංචාරයක් සදහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය ලබන මැයි 04 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එම සංචාරයේදී ඇය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සමග ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එසේම ඇය කොළඹ වරායේ නිරීක්ෂණ සංචායකට ද එක්වීමට නියමිත බව ද වාර්තා වේ.

ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත කරණයට අදාළ අවසන් ගිවිසුම සම්බන්ධයෙන්ද ඇය සමග සාකච්ඡා කිරීමට මෙරට බලධාරීන් සූදානමින් සිටින බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Continue Reading

පුවත්

ජනපතිවරණය ප්‍රකාශ කලොත් දින 50ක් ඕන ඡන්දය තියන්න

Published

on

By

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට දින 50ක් පමණ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා කියයි.

ඒ මහතා සති අන්ත පුවත්පතකට මේ බව පවදා ඇති අතර යම් හෙයකින් එළඹෙන මැයි මාසය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් දින 60ක (මාස දෙකක) කාලයක් තුළ මහ මැතිවරණය පැවැත්විය හැකි බවද පවසා තිබේ.

එසේම, ඉදිරියේ ජනාධිපතිවරණයක් නියමිතව තිබියදී මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් නියමිත කාල වකවානු අනුව එම මැතිවරණ දෙකම පැවැත්වීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Continue Reading

පුවත්

ගුරු පුරප්පාඩු 40,000 ක්

Published

on

By

මේ වන විට දිවයින පුරා පාසල්වල ගුරුවරුන් 40,000ක පමණ හිඟයක් ඇතැයි ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියයි.

බස්නාහිර පළාතේ  7000ක් පමණ පිරිසක්ද, උතුරුමැද පළාතේ 3800ක්ද, නැගෙනහිර පළාතේ 3698ක්ද, දකුණු පළාතේ 3199ක් සහ මධ්‍යම පළාතේ 6200ක පමණ ගුරු හිඟයක් පවතින බව පැවසේ.

බස්නාහිර පළාත සඳහා අවස්ථා දෙකකදී පත්වීම් ලබා දීමේ උත්සව පවත්වා බඳවාගත් 2200ක පමණ පිරිසක් තවමත් විධිමත් ලෙස ස්ථානගත කර නොමැති අතර, මෙම තත්ත්වය යටතේ ඉදිරි පාසල් වාරය ආරම්භ වන විට සිසුන්ට විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැති වන අතර, රජයේ වියදම් අවම කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බැවින් නිසි පරිදි ගුරුවරුන්ට පත්වීම් ලබා දීම කල් දමමින් සිටින බවද ඔහු සඳහන් කළේය. 

අලුතින් ගුරුවරුන් බඳවා ගන්නවා තබා 2024 වසර සඳහා ජාතික පාසල්වලට ස්ථානමාරු අයැදුම්පත්‍ර ලබා දීමට හෝ මෙතෙක් පියවර ගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය.

මූලාශ්‍රය – දේශය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved