Connect with us

පුවත්

ටොනික් පියන් අස්සේ කුඩු වික්ක “ජෝනා” මාට්ටු

Published

on

ටොනික් මූඩි උපයෝගී කරගනිමින් විද්‍යුත් ක්‍රමය හරහා හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වරකාගොඩ පොලිසිය සමත් විය.

හෙරොයින් ජාවාරමේ නිරත වන බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු ඔහුගේ නිවසේ දීම හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වරකාගොඩ, ගොඩපොරහේන ප්‍රදේශයේ පදිංචි “ජෝනා” නම් අනුවර්ත නාමයෙන් හැඳින්වෙන 33 හැවිරිදි  අයෙකු බව පොලීසිය සඳහන් කර ඇත

මොහු ඉතා සූක්ෂම ලෙස ටොනික් පියන් තුල රුපියල් දෙදහසේ හෙරොයින් පැකට් දමා, මාර්ග වල නොයෙක් ස්ථානවල තබමින් විද්‍යුත් ක්‍රමය ඔස්සේ මුදල් ලබාගෙන මෙම ජාවාරම සිදු කර ඇති බව පොලිසිය සොයා ගෙන තිබේ .

මෙම ක්‍රමය ඔස්සේ සැකකරු වරකාගොඩ, නෑබඩ, ඉද්දගොඩ, තෙබුවන, දොඩම්ගොඩ ආදී ප්‍රදේශවල හෙරොයින් බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

පුවත්

කෙහෙළියගේ පැමිණිල්ලකට කටඋත්තර දෙන්න රනිල් CIDයට

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනිද්දා (11) පෙනී සිටීමට නියමිතය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව කට උත්තරයක් ලබාදීම සඳහාය.

මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියකට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ලට අදාළව කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය රජයේ මැති ඇමතිවරුන්ද මේ වන විට ප්‍රකාශ ලබා දී තිබෙයි.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ප්‍රකාශය ගැනෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

Continue Reading

පුවත්

කොළඹ සිට ඉන්දියාවට ගිය නැවක පිපිරීමක්; 5කට තුවාලයි; 4ක් අතුරුදන්

Published

on

By

කොළඹ සිට ඉන්දියාවේ නවා ෂෙවා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් එලෙස පිපිරීමට ලක්ව ඇති බවයි.

අනතුරෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් හතර දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන්වූවන් අතරට තායිවාන ජාතිකයින් දෙදෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයෙක් හා මියන්මාර ජාතිකයෙක් ඇතුළත් බව පැවසේ.

අතුරුදන්වූවන් සොයා මේවන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

නෞකා කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බවද පැවසේ.

නෞකාව පසුගිය 06 වැනිදා කොළඹ වරායෙන් පිටත්ව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ගින්න මැඩපැවැත්වීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Continue Reading

පුවත්

පාරිභෝගික අධිකාරියෙන් පූජා නගරයේ විශේෂ මෙහෙයුමක්

Published

on

By

පොසොන් සමය නිමිති කොටගෙන අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට වෙළෙඳපොළේදී සිදුවන අසාධාරණ වැළැක්වීම සඳහා විශේෂ වැටලීම්, විමර්ශන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පසුගිය සිකුරාදා දින සිට මෙම වැඩසටහන ක්‍රියාත්මකමක බව එම අධිකාරිය පවසයි.

එම වැඩසටහන මගින් මේ වනවිට වැටලීම් 37කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

මේ අතර මෙම වැඩසටහනට සමගාමීව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අනුරාධපුර ප්‍රදේශයන්හි වෙළෙඳ ප්‍රජාවද දැනුවත් කිරීමද සිදුකර ඇත.

ඒ සඳහා විශේෂ කණ්ඩායම් ද යොදවා තිබේ.

මේ අතර වෙළෙඳපොළේ සිදුවන අසාධාරණයන් සම්බන්ධව ලැබෙන පැමිණිලි සඳහා අවශ්‍ය ක්ෂණික මැදිහත්වීම සිදුකිරීම වෙනුවෙන් ද නිලධාරීන් යොදවා ඇති බව වාර්තා වෙයි.

මෙම වැඩසටහන‍ෙපොසොන් කාල සීමාව අවසන් වෙන තෙක් ක්‍රියාත්මක කරනු ලබ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved