Connect with us

පුවත්

ඩයනාගේ නඩුව යළි කල්යයි

Published

on

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව  තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණ ද එය ජූලි මස 25 වනදා දක්වා යලි කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තබන ලදී.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා එම පෙත්සම ඉදිරිපත් කර තිබුණ‌ේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසිනි.

මූලාශ්‍රය – අද දෙරණ 

පුවත්

දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන

Published

on

By

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපයූ බව කියන රුපියල් කෝටි ගණනක දේපළ රජයට පවරා ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම දේශපාලනඥයන්ගේ සහ හිටපු ආරක්ෂක ප්‍රධානියාගේ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති අතර මෙම දේපළ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

අයථා ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන හිටපු ආරක්ෂක ප්‍රධානියා වන්නේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියාව සිටි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාය. විමර්ශන පවත්වන අනෙකුත් දේශපාලනඥයන් ගේ නම් මෙසේය.

  • මහින්ද යාපා අබේවර්ධන, 
  • මහින්ද අමරවීර, 
  • චාමර සම්පත් දසනායක, 
  • දිලුම් අමුණුගම, 
  • රෝහිත අබේගුණවර්ධන, 
  • පවිත්‍රා වන්නිආරච්චි, 
  • කංචන විජේසේකර, 
  • සාගල රත්නායක, 
  • තිස්ස කුට්ටිආරච්චි, 
  • වජිර අබේවර්ධන, 
  • මහීපාල හේරත්, 
  • අනුර ප්‍රියදර්ශන යාපා, 
  • මනුෂ නානායක්කාර, 
  • වඩිවේල් සුරේෂ්, 
  • තුෂාර සංජීව පතිරණ, 
  • හර්ෂණ රාජකරුණා, 
  • ශානක්‍ය රාසමානික්‍යම්, 
  • පිල්ලෙයාන්, 
  • එච්.එම්. චන්ද්‍රසේන, 
  • ශාන්ත අබේසේකර.

මෙම දේශපාලනඥයන්ගේ සහ හිටපු හමුදා ප්‍රධානීන්ගේ අයථා දේපළ ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඒවා පවරාගෙන පසුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරියෙක් කියා සිටියේය.

මූලාශ්‍රය – දිවයින

Continue Reading

පුවත්

කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි

Published

on

By

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

මේ අතර ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඊශ්‍රායලයේ සිටින විදේශිකයින්ගේ කල් ඉකුත් වූ වීසා කාලය දීර්ඝ කරයි

Published

on

By

ඊශ්‍රායලයේ රැදී සිටින විදේශිකයින්ගේ කල් ඉකුත් වූ වීසා බලපත්‍ර කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන බලධාරීන් පියවර ගෙන ඇත.
 
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සදහන් කළේ, රැකියා, සංචාරක, ස්වෙච්ඡා, කෘෂිකාර්මික අභ්‍යාසලාභීන් හැර ශිෂ්‍ය, පූජක සහ ආගමික, තාවකාලික නේවාසික වීසා යන කාණ්ඩ යටතේ ඊශ්‍රායලයේ සිටින පුද්ගලයින්ගේ කල් ඉකුත් වූ වීසා මෙලෙස යළි සක්‍රීය කර ඇති බවය.
 
එමෙන්ම, යුද ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 04 දෙනාගෙන් දෙදෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවත්, ඔවුන් ගැන දිනපතා සොයා බලන බවත් තානාපතිවරයා විසින් පවසන ලදී.
 
තානාපති කාර්යාලයේ සති අන්ත නිවාඩු දින දෙකෙහිම ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කලේය.
 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved