පුවත්

ඩිලාන් සේනානායකට ආණ්ඩුවෙන් අධ්‍යක්ෂ තනතුරක්

Published

on

අරගලයේ ඉදිරිපෙළ සිටි සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙක් වූ ඩිලාන් සේනානායක මහතා  ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ.

ජාතික තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම ඊයේ (05) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදුවිය.

එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් පත්වීම් ලිපි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ලබා දෙන ලදී.

එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති ,අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ සුපුන් විජේරත්න මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාද එක්ව සිටියේය.

ජාතික තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් පහතින්,

  • සාහිත්‍යවේදී රවි සිරිවර්ධන
  • නීතිඥ අනුරාධ මේඝවර්ණ කඳන්හේන
  • ජ්‍යෙෂ්ඨ කතිකාචාර්‍ය, නීතිවේදී ජනහා සෙල්වරාස්
  • නාට්‍යවේදී ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ
  • කතිකාචාර්‍ය ඔසඳ ගුණරත්න
  • ඉංජිනේරු අයේෂ්මන්ත මධුරංග කුමාර
  • තුමුල හෙට්ටිආරච්චි
  • මහේෂ් අඹේපිටිය
  • තරුණ සේවා සභාවේ විශ්‍රාමික මූල්‍ය නිලධාරී නල්ලපෙරුම ගෙදර චන්ද්‍රලතා
  • ව්‍යාපෘති කළමනාකරණ නිලධාරී චතුර සම්පත් පීරිස්
  • ‘තරුණ නව රැල්ල’ කැඳවුම්කරු මෙත්ෂාන් සමරවීර
  • වරලත් වාස්තු විද්‍යාඥ තරිඳු මුහන්දිරම්
  • ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු රුවන් තිළිණ චතුරංග හේවාසිංහ
  • ඩිලාන් සේනානායක
  • සංගීතවේදී සුදන්ත මාධව ප්‍රනාන්දු
  • නිශාන්ත බණ්ඩාර තෙන්නකෝන්

Trending

Exit mobile version