Connect with us

පුවත්

“ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කරන්න බැහැ”

Published

on

ඩීසල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා දිය යුතු නමුත් අමතර කොටස් සහ සේවාවන් වල මිල පහල දැමීමේ වැඩ පිළිවෙලක් රජය සතුව නොමැති බැවින් ඉදිරියේදී බස් ගාස්තු අඩු වීමකට යා නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කොට  තිබේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ බස්රථ වලට යොදන ටයරයක් රුපියල් ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර බැටරියක මිල ද රුපියල් 35,000 සිට 80,000 දක්වා ඉහල ගොස් ඇති බවය.

තවද ටයරයක් නැවත පිරවීම සඳහා රුපියල් 25,000ක් අවශ්‍යය බවත් ලිහිසි තෙල් මිල හා අමතර කොටස් මිල 500%කින් පමණක් ඉහල ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

එමෙන්ම, පසුගිය කාලයේදී ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ බවත් එම නිසා සිය ආදායම් අඩු වූ නමුත් බස් රථ නඩත්තු වියදම් දිගින් දිගටම ඉහල යන බවත් ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

මේ නිසා ඉදිරියේදී ඉන්ධන මිල අඩු කළද බස් ගාස්තු සංශෝධනයකට යා නොහැකි බවත් අමතර කොටස්, ලිහිසි තෙල් හා සේවා ගාස්තු අඩු කිරීමට වැඩපිළිවෙලක් අනිවාර්යයෙන් අවශ්‍ය බවත් තවදුරටත් ඒ මහතා පවසා සිටියේය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved