පුවත්

පාසල් සිසුවියක් අපයෝජනයට ලක්වීමේ සිදුවීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක් (UPDATE)

Published

on

කොළඹ විද්‍යාලයක 10 වන වසරේ පාසල සිසුවියක් අපයෝජන වීමේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර, ඒ සඳහා අමාත්‍යාංශයේ අවධානය යොමු වූ බවය.

ඒ අනුව අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසීමටත්, සිද්ධියට අදාළ ගුරුවරයා වහාම ස්ථාන මාරු කිරීමටත් කටයුතු කර ඇතැයි අමාත්‍යාංශය යොමුකළ නිවේදනයේ දැක්වේ.

මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති අතර, වාර්තාව ලද වහාම විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


(පෙර පුවත 2025 මැයි 08 පෙ.ව.11.59 )

ඩුප්ලිකේෂන් මාර්ගය අවහිර වෙයි

කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගය විරෝධතාවයක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි වාර්තා වේ.

පසුගිය දා කොටහේන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලකින් වැටී දරුවෙකු මියයෑමේ සිදුවීම මුල්කර ගනිමින් මේ වනවිට අදාළ සිසුවා ඉගෙන ගත් විදුහල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත් වේ.

මියගිය දරුවා අදාළ පාසලේ ගුරුවරයෙකු විසින් අපයෝජනය කර ඇති බවට සැකයක් පවතින බවත් ඒ හේතුවෙන් දරුවා සියදිවි හානි කරගෙන ඇති බවටත් උද්ඝෝෂකයින් කියා සිටී.

Trending

Exit mobile version