පුවත්

ඩුබායි සුද්දා අල්ලා ඇප දෙයි !

Published

on

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවසරයකින් තොරව විදේශ රැකියා සඳහා බඳවා ගැනීමට දැන්වීම් පළ කිරීමේ චෝදනාවට ඩුබායි සුද්දා හෙවත් නිශාන්ත ප්‍රියදර්ශන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 37 වන වගන්තිය ප්‍රකාරව වරදක් කර ඇති බැවින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට විරෝධතාවකට පැමිණි මොහොතේ මොහු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටදී රුසියාවට රැකියා සඳහා යන අයට වූ අසාධාරණයක් සම්බන්ධව පැවැත්වීමට තිබූ විරෝධතාවකට ඩුබායි සුද්දා පැමිණ ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු නිසි අවසරයකින් තොරව රටවල් කිහිපයකට රැකියා සඳහා ශ්‍රමිකයන් යවා ඇතැයි විමර්ශන කණ්ඩායම් කියයි.

ඩුබායි සුද්දා කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

ඕමාන මිනිස් ජාවාරම සම්බන්ධව කතිකාවක් ඇතිවූ මොහොතේ එරටට ගිය කාන්තාවන්ට සිදුවූ අසාධාරණය හමුවේ පෙනී සිටීමට බව කියමින් ඩුබායි සුද්දා මෙරටට පැමිණ තිබිණි.

(අරුණ)

Trending

Exit mobile version