පුවත්

තරුණියක් පාසලක වෙඩි තැබීමක් 6ක් මරාදාලා !

Published

on

ඇමෙරිකාවේ, ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ, පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

එම 6 දෙනාගෙන් තිදෙනකු අවුරුදු 12 ට අඩු කුඩා දරුවන් බවද පැවසේ.

වෙඩි තැබීමෙන් මියගිය සෙසු තිදෙනා අතරේ ගුරුවරියක සහ පාසලේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් දෙදෙනකු ද සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ 28 හැවිරිදි තරුණියකි. 

එම පාසලේ දරුවන් 200 දෙනකු පමණ ඉගෙනුම ලබන බවද වාර්තා වේ. 

වෙඩි තැබීම සිදුවී මිනිත්තු 15 ක් යද්දී පොලිසිය පාසල වට කර, වෙඩි තැබීම කළ තරුණිය කොටු කර ගත් බවත්, යටත් වීමට අකමැති වුණු ඇයට පොලිසිය වෙඩි තැබූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

තරුණිය සතුව රයිෆල් තුවක්කු දෙකක් සහ අත් තුවක්කුවක් තිබුණු බවද පැවසෙ. 

වෙඩි තැබීම සිදුවූයේ උදේ 10 ට පමණය. 

තරුණිය නෑෂ්විල් පදිංචිකාරියක බව පොලිසිය හඳුනාගෙන ඇත. 

ඇය වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර විමර්ශන කටයුතු දිගටම කරමින් සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Trending

Exit mobile version