Connect with us

පුවත්

තරු පිරිවරා නත්තල් පාටි දැමූ Avenra Garden හි කුජීත කුස්සියට සීල් තියලා

Published

on

ලක පරසිඳු මීගමුවේ ඇවෙන්රා  ගාර්ඩ්න් (Avenra Garden) හෝටලයේ මුළුතැන්ගෙය ඉතා අපිරිසිදුව පවත්වාගෙනයාම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එයට සීල් තබා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එම හෝටලයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේවන විට නඩු 3ක් පවරා ඇති බවත්, ඒවා ලබන ජනවාරි 02 වැනිදා කැඳවීමට නියමිත බවද පැවසේ.

අද (23) දහවල් 11.45 ට පමණ මෙම හෝටලයේ පිවිසුම් දොරටුව හදිස්සියේම වසා දමා තිබීමත් සමඟ මේ සම්බන්ධයෙන් මාධ්‍ය අවධානය යොමුව තිබේ.

කෙසේවුවද, මේ සුපිරි හෝටලයේ අහාර පිලියෙල කිරිම සඳහා භාවිතා කෙරෙන කුස්සිය ඉතාමත් අපිරිසිදු තත්වයක තිබී ඇති අතර, එහි අධිශිතකරණවල සහ ශිතකරන වල පිසිමට ගන්නා මස් මාලු ගබඩා කර තිබී ඇත්තේද කිසිදු ප්‍රමිතියකින් තොරවය.

නොව පිසින ලද ආහාරද මේ සමගින් ශිතකරණවල ගබඩා කර තිබී ඇති බව පැවසේ.

එමෙන්ම එහි තිබු පානිය ජල බෝතල් පවා කල්ඉකුත්වු ඒවා බවද වාර්තා වේ.

මේ අතර, හදිස්සියේ සිදු කළ මේ වැටලීම පිටුපස මීගමුවේ ප්‍රසිද්ධ දේශපාලඥයකු සිටින බවට ද දේශපාලන ක්ෂ‍ේත්‍රයේ කසු කුසුවක් පැතිර තිබේ.

කලින් ක්‍රීඩා අභ්‍යාස ගුරුවරයෙකුව සිට පසුව ප්‍රකෝටිපතියෙක් වූ ධනේෂ් ද සිල්වා මහතා මෙහි හිමිකරු වේ.

ගෙවුණු වසර කිහිපයකදීම රංගන හා ගායක තරු පිරිවරා සිදු කළ නත්තල් සාදය නිසා මේ හෝටලය වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබිණි.

මූලාශ්‍රය හා ඡායාරූප – මීපුර

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved