පුවත්

තලතාට ආරාධනාවක්

Published

on

සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මියට හෙට (25) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ගවලට අනුව  ඇයට ලබන 28 වැනිදා රත්නපුර නගරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැලියට සහභාගී වීමටද ආරාධනා කර ඇති බවද එම වාර්තාවල සඳහන්ය.

එක්සත් ජාතික පක්ෂය කඳවුරු දෙකකට බෙදී කටයුතු කිරීම හේතුවෙන් තමාට හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමේ දැඩි අපහසුතාවයක් හට ගෙන ඇති බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්‍ත්‍රිනී, නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පසුගියදා (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය.

ඇය විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවය.

Trending

Exit mobile version