පුවත්

තල් සංවර්ධන මණ්ඩලයේ දෙදෙනෙකු සේවයෙන් පහකෙරේ

Published

on

 තල් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු හා එහි විගණන නිලධාරියා සේවයෙන් පහකර තිබේ.

එහි සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා සඳහන් කළේ, තවත් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බවයි.

තල් සංවර්ධන මණ්ඩලයේ සිදු වූ රුපියල් මිලියන 38 ක මූල්‍ය වංචාවක් හා තම සේවය අවභාවිත කිරීම යන චෝදනාවලට ඔවුන් වරදකරුවන් වී ඇත්තේ විෂය භාර අමාත්‍යාංශය පැවැත් වූ විගණන පරීක්ෂණයකිනි.

සභාපතිවරයා පැවසුවේ, මෙම පිරිස තල් හකුරු සැකසීම සඳහා ගෙන්වන ලද යන්ත්‍රයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන විනාශ වී යාමට ඉඩ හැර ඇති බවට ද හෙළි වී ඇති බවයි.

සේවයෙන් පහ කළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සහ විගණන නිලධාරියා තල් සංවර්ධන මණ්ඩලයේ වැටුප් ලබන අතරේ  විශ්වවිද්‍යාල දෙකක ද සේවය කරමින් වැටුප් ලබා ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බව ක්‍රිෂාන්ත පතිරාජ මහතා සඳහන් කළේ ය.

Trending

Exit mobile version