Connect with us

පුවත්

තවත් ඇමෙරිකානු උසස් නිලධාරියෙක් මෙරටට

Published

on

ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය දූෂණ-විරෝධී සම්බන්ධීකාරක රිචර්ඩ් නෙෆියු මහතා අද (08) හා හෙට දිනවල දී කොළඹ ගත කරනු ඇති බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.

නෙෆියු මහතා ගේ දූත මණ්ඩලයට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දූෂණ-විරෝධී විශ්ලේෂක ඩිලන් එයිකන්ස් මහතා ද ඇතුළත් වනු ඇත.

කොළඹ ගත කරන කාලසීමාව තුළ නෙෆියු මහතා ආණ්ඩු පාර්ශවයේ, විරුද්ධ පාර්ශවයේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ විවිධ අය හමුවීමට අදහස් කරන බවත්, දූෂණය මර්දනය කිරීම සඳහා දරන වෑයම් පිළිබඳව මෙන්ම රටේ දේශපාලන හා ආර්ථික තත්වයන් පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීමත් අනාගත සහයෝගීතා සඳහා ඇති හැකියාව පිළිබඳ ගවේෂණය කිරීමත් මෙම සංචාරයේ අරමුණ වන බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved