යෝජිත ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (06) පෙත්සමක් ගොනු කර තිබේ.
මේ වනවිට යෝජිත ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව රට තුළ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ඇතුළු පාර්ශව ගණනාවක් විරෝධය දක්වා ඇත.
ඔන්ලයින් පනතට එරෙහිවත් තවත් පෙත්සම් 2ක්
මේ අතර, පසුගිය 04දා කථානායකවරයාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සම් දෙකට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් දෙකක පිටපත්, කථානායකවරයා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කාරකසභා සභාපති අංගජන් රාමනාදන් මහතා අද (04) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.