Connect with us

පුවත්

ත්‍රස්ත විරෝධී පනත‌ට එරෙහිව මාලිමාවෙන් පෙත්සමක්

Published

on

යෝජිත ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (06) පෙත්සමක් ගොනු කර තිබේ.

මේ වනවිට යෝජිත ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව රට තුළ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ඇතුළු පාර්ශව ගණනාවක් විරෝධය දක්වා ඇත.

ඔන්ලයින් පනතට එරෙහිවත් තවත් පෙත්සම් 2ක්

මේ අතර, පසුගිය 04දා කථානායකවරයාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සම් දෙකට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් දෙකක පිටපත්, කථානායකවරයා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කාරකසභා සභාපති අංගජන් රාමනාදන් මහතා අද (04) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පුවත්

බන්ධනාගාර  කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මඟින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීමේ සිදුවීමට අදාළවය.

අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීම සම්න්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් මතු වී තිබේ.

රුපියල් ලක්ෂ හතලිහක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අනුරාධපුර මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර සිටි මෙම විත්තිකරුට  එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කර තිබුණේ, පසුගිය ජූනි 05 වන දිනය.

එදින අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිත වාර්තාව මගින් මහාධිකරණයට දැනුම් දී ඇත්තේ අනුරාධපුර මහාධිරණය හමුවේ පැවති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පසුගිය මැයි මස 12 වන දා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ගම්මන්පිලගෙන් CIDයට පැය තුනක ප්‍රකාශයක් (UPDATE)

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉන් පිටව ගොස් තිබේ.

ඒ පැය තුනක ප්‍රකාශයක් ලබාදීමනේ අනතුරුවය.

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු ඒ මහතා මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් කියා සිටියේය.


(පෙර පුවත 2025 ජූනි 09 පෙ.ව.10.37 )

ගම්මන්පිල CID එයි (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු ඒ මහතා මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් කියා සිටියේය.

වීඩියෝ – අද දෙරණ

Continue Reading

පුවත්

රවී කුමුදේශ් ගේ වැඩ තහනම්

Published

on

By

ආයතන සංග්‍රහයට පිටින් යමින්, මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම හේතුවෙන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර තිබේ.

2024.10.10 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වැඩ තහනම් කර ඇති අතර ඔහුට වැටුප් ඇතුළු දීමනා හිමි නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

එසේම, විනය ක්‍රියාමාර්ග ගන්නා තුරු ඔහුට විදෙස් ගත වීමටද හැකියාවක් නොමැති බවයි එහි දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved