විදෙස් සංචාරකයින් මෙරටදී ත්‍රීරෝද රථ පැදවීම හා ඒ ආශ්‍රිතව සිදුවන අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් පොලිස් රථවාහන මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් රට තුළදී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාවයද මේ සම්බන්ධයෙන් සිදුවූ අනතුරු ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බවයි.
විදෙස් ජාතිකයින් සඳහා ත්‍රීරෝද රථ පැදවීමේ බලපත්‍ර නොමැතිවීම සහ පුහුණුවක් නොමැතිවීම මෙම අනතුරුවලට හේතුවී ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
විදේශිකයන් සඳහා වාහන ලබාදීමේදී විශේෂයෙන් ත්‍රීරෝද රථ ලබාදීමේදී මෙරට වාහන පැදවීම සඳහා නිසි වලංගු රියදුරු බලපත්‍රයක් සන්තකයේ තිබේද යන්න නිවැරදිව පරීක්ෂා කර බලා අදාළ වාහන ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පොලීසිය සංචාරකයන් සඳහා වාහන ලබාදෙන ආයතන හා හෝටල් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය :