Connect with us

පුවත්

තායි සිංහ පැටවා ගිය කාරය පදවා ඇත්තේ ලාංකිකයෙක්!

Published

on

පසුගියදා තායිලන්තයේ පට්ටයා වීථි වල බෙන්ට්ලි කාරයක නැගී ගමන් කළ සුරතල් සිංහ පැටවෙකු පිළිබඳ සිද්ධියකට ශ්‍රී ලාංකිකයෙකුද සම්බන්ධ බව වාර්තා වේ.

මෙලෙස මෝටර් රථයේ ගමන් කළ සිංහ පැටවාගේ වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ ඉතා ජනප්‍රිය වී තිබුණි.

තායිලන්තයේ නීති අනුව සුරතල් සතෙකු ලෙස සිංහයෙකු ඇතිකිරීම නීතිවිරෝධී නොවන නමුත්, එම සත්ත්වයා නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි කළ යුතු වේ. එලෙස නීත්‍යානුකූලව තබාගෙන සිටින සිංහයන් 224ක් තායිලන්තයේ සිටින බව එරට බලධාරීන් පවසයි.

කෙසේවෙතත්, පරීක්ෂණ වලින් හෙළිදරව් වී ඇත්තේ මෙම සිංහ පැටවාගේ මිලදීගැනීම නීත්‍යානුකූල ලෙස සිදුව නැති බවයි.

ඒ අනුව, අනවසරයෙන් වන සත්ත්වයෙකු ළඟ තබා සිටීම යන චෝදනා යටතේ මෙම සිංහ පැටවාගේ අයිතිකාරිය වන Sawangjit Kosoongnern නම් කාත්නාව මේ වන විට තායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එරට නීතිය අනුව මෙම චෝදනා වලට වසරක සිරදඬුවමක් හා තායි බාට්  100,000ක් දක්වා දඩ මුදලක් නියම විය හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇයට මෙම සිංහ පැටවා අලෙවි කළ පුද්ගලයාටද අනවසරයෙන් සත්ත්වයෙකු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වනු ඇත.

තවද, මෙම සිංහ පැටවා සිය කුලියට ගත් විලා නිවහනක තබාගෙන සිටි ශ්‍රී ලාංකිකයාට එරෙහිවද චෝදනා ගොනු කිරීමට තායි පොලිසියට අවශ්‍ය වුවද, ඔහු තවදුරටත් තායිලන්තයේ නොමැති බැවින් එසේ සිදුකළ නොහැකි වී ඇත.

පාලිත වන සතෙකු පොදු ස්ථානවලට ගෙන ඒම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වීමට නියමිතව තිබූ අතර, එය මාස හයක් දක්වා වූ සිරදඬුවමක් සහ තායි බාට් 50,000 ක දඩයක් නියම විය හැකි වරදක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved