තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සම්බන්ධ රාජකාරි පැහැර හැරීම හේතුවෙන් ඔවුන්ගේ මෙලෙස වැඩ තහනම් කර ඇති බව සඳහන්ය.
එම සේවකයින් කළුතර සහ පුත්තලම තැපැල් කාර්යාලවලට අනියුක්තව සේවය කරන බව වාර්තා වේ.
මේ අතර මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක්කෝටී හැට නව ලක්ෂ තිස් නව දහස් තුන්සිය අනු අටක් බෙදාහැර තිබේ.
2024 ජනාධිපතිවරණයට අදාළ මෙතෙක් නොලැබුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය අනන්‍යතාව තහවුරු කර හෙට(21) දිනයේත් තමන්ට ආසන්න තැපැල් කාර්යාලයෙන් ලබාගැනීමට ඡන්ද දායකයින්ට පහසුකම් සලසා තිබේ.
කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බවද වැඩිදුරටත් සඳහන්ය.