Connect with us

පුවත්

තැපෑලේ වර්ජනේ සති 2කට කල් දමයි

Published

on

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ අද (25) ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ පැය හතළිස් අටක වර්ජනය සති දෙකකින් කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

රුපියල් විසි දහසක ජීවන වියදම් දීමනාවක් ලබාගැනීම, පවතින පුරප්පාඩු වහාම පිරවීමට පියවර ගැනීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් එම ඒකාබද්ධ පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබේ.

ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා විසින් අදාළ ඉල්ලීම් ඉටු කිරීම සඳහා යම් කාලයක් ලබාදෙන ලෙසට කළ ඉල්ලීම සලකා බලා මෙම තීරණය ගත් බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ප්‍රධාන ලේකම් සම්පත් සී. ලියනගේ මහතා පැවසීය.

ඉදිරි දෙසතියේ දී ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් කිසිදු දැනුම්දීමකින් තොරව වර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව සම්පත් සී. ලියනගේ මහතා අවධාරණය කළේය.

පුවත්

නත්තල් දවසෙත් අනීතිකව සිරකරුවන් 25ක් නිදහස් කරලා

Published

on

By

දෙදහස් විසිහතර වසරේදී නත්තල් දිනය වෙනුවෙන් ලබාදෙන ජනාධිපති පොදු සමාව යටතේද සුදුසුකම් නොලැබූ සිරකරුවන් 25 දෙනකු පමණ දිවයිනේ විවිධ බන්ධනාගාරවලින් අනීතිකව නිදහස් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

මේ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ අනුරාධපුරය බන්ධනාගාරයෙන් ජනාධිපති සමාව හිමි නොවූ පුද්ගලයකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදීය.

අධිකරණ අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලේඛන පරීක්ෂා කිරීමේදී අදාළ සිරකරුවන් පිරිස සම්බන්ධයෙන් හෙළිවී ඇතැයි පැවසේ.

ජනාධිපතිවරයා අදාළ ලේඛන සඳහා අත්සන් තැබීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් නැවත ඒවා පරික්ෂා කිරීම නිසි ලෙස සිදු නොකිරීම හේතුකරගෙන දූෂිත නිලධාරීන් විසින් අදාළ සිරකරුවන් පිරිස නිදහස් කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් සිදුකරන බව පැවසේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය අද අධිකරණයට

Published

on

By

වැඩ තහනමට ලක් ව පසුව අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (10) අලුත්කඩේ, අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ මහතාව ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව තුෂාර උපුල්දෙණිය මහතා අද තුන්වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහාය.

කෙසේවුවද, ඊයේ පස්වරුවේ  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩ තහනම් කිරීමට තීන්දු කර තිබිණි.

ඔහු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ තවදුරටත් කටයුතු කිරීම ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් සහ පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකිරීම සඳහා මෙම තීරණයට එළැඹ තිබුණි.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලීම සඳහා දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ බන්ධනාගාර කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර නිශාන් ධනසිංහ මහතා පත්කෙරුණි.

Continue Reading

පුවත්

පොසොන් පුන් පොහොය අදයි

Published

on

By

අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට සම්බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබේ.

ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේදී පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, එතැන් සිට නිර්මල බුදු දහම මෙරට ස්ථාපිත විය.

නව බෞද්ධ ප්‍රබෝධයක් මෙන්ම සමාජ විපර්යාසයක් සහ ආධ්‍යාත්මික විප්ලවයක්ද එමඟින් මෙරට සිදු විණි.

එනයින් ලක්දිව බුදු සසුනේ ආරම්භයටත්, බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම සකස් වීමටත් මූලික වූ අග්‍රතම ජාතික පූජෝත්සවය මෙය වන අතර, මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම, දෙවැනි පෑතිස් රජු ඇතුළු 40,000ක පමණ පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය සහ දෙවියන්ට සමචිත්තපරියාය සූත්‍රය දේශනා කිරීම ඇතුළු ලක්දිව වැදගත් සිදුවීම් රැසක් පොසොන් පොහෝ දිනය හා බැඳී පවතී.

බුදු හිමියන් සම්බුද්ධත්වයට පත් වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරද්දී ප්‍රථම වරට බුදු සිරුරෙන් සවනක් බුදුරැස් විහිදීම සහ තෙවැනි ධර්ම සංඝායනාව පැවැත්වීමද සිදුව අත්තේ පොසොන් පොහොය දිනයන්හිදීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved