Connect with us

පුවත්

තිරිඟු පිටි සහනය ඉවතට!

Published

on

තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක් වූ රේගු සහනය ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවිස්සාවේල්ල ප්‍රදේශයේ අද (07) සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, බදු සහනය ඉවත් කෙරුණුද පිටි මිලෙහි කිසිදු වැඩිවීමක් සිදුනොවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

“තිරිඟු පිටිවලට රුපියල් 3ක රේගු බද්දෙන් සහනයක් ලබාදීලා තිබුණා. අපි නැවත පැනවේවා ඒ රුපියල් 3. ඒකේ ප්‍රධානතම හේතුව අපේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශකය අපේ රටේ වී ගොවියා ආරක්ෂා කිරීමට විශල වගකීමක් තියෙනවා. වී ගොවීන්ගෙන් 90%ක්ම යැපුම් මට්ටමේ ගොවියෝ ඒ නිසා ඔහුන්ව ආරක්ෂා කරන්න ඕනේ. ඔවුන්ට සාධාරණ මිලක් ලබාදෙන්න ඕනේ. ඒ නිසාම තමයි අපිට සිදුවෙන්නේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශනයේ මිල හැම විටම යම් තැනක කළමනාකරණ කරගන්න. ඒ අවශ්‍යතාවය නිසා තමයි තිරිඟු පිට සඳහා තිබුණු රේගු බදු නිදහස රුපියල් 3 අපි ඉවත් කළේ. ඒ අනුව තිරිඟු පිටි සඳහා වූ රුපියල් 3ක ඒ බද්ද අය වෙනවා. හැබැයි එයින් තිරුඟු පිටි මිල වැඩිවෙන්න කිසිදු හේතුවක් නැහැ. මොකද මේ වෙලාවේ ඩොලරයේ අගය අඩුවීමක් සමග රුපියලේ අගය වැඩිවීමත් එක්ක තිරුඟු පිටි කියන්නේ සම්පූර්ණයෙන් පිට රටින් ගෙන්වන ආනයනිත ද්‍රව්‍යක්. ඒ නිසා ඒ රුපියලේ අගය වැඩිවීම ඩොලරයේ අගය අඩුවීම සෘජුව දැනෙන ද්‍රව්‍යයක්. ඒ නිසා ඒ වෙනසක් සමග ඇතිවන වාසිදායක තත්ත්වය නිසා තිරිඟු පිටි මිලත් මේ නිසා වැඩිවෙන්නේ කිසිදු හේතුවක් නැහැ. ඉතින් ඒ තුළ තමයි අපි කළමනාකරණ කර ගන්න බලන්නේ.”

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved