පුවත්

තිස්ස අත්තනායකට තවත් නඩුවක්

Published

on

ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණි පසු මහනුවර දළදා පෙරහැර නවත්වන බවට තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශය සාවද්‍ය හා අසත්‍ය ප්‍රකාශයක් බව ජාතික ජන බලවේගයේ විධායක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු පවසා සිටියේ ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය මහත්මිය හෝ එම පක්ෂයේ වෙනත් කිසිදු අයෙක් නුවර පෙරහැර සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවය.

ජනතා විමුක්ති පෙරමුණේ පිරිස්  මහනුවර දළදා පෙරහැර නවත්වන බවට සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කරන ලද්දේ අසත්‍ය පුවතක් බවත්, එම අසත්‍ය පුවත පාදක කර ගනිමින් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි ඔහු සඳහන් කළේය.

තමා සිදු කළ ප්‍රකාශය සාවද්‍ය වූවක් බවට තිස්ස අත්තනායක මහතා විසින් තවත් පැය කිහිපයක් ඇතුළත ප්‍රසිද්ධියේ ප්‍රකාශ්හ කළ යුතු බවත්  එසේ නොකළහොත් මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් නලින්ද ජයතිස්ස මහතා  තවදුරටත් පවසයි.

Trending

Exit mobile version