පුවත්

තුර්කි භූමිකම්පාවෙන් ලාංකිකයකු අතුරුදන්! (වීඩියෝ)

Published

on

තුර්කියේ ඊයේ (06) සිදු වූ භූමිකම්පා බලපෑ ප්‍රදේශවල සිටි එක් ශ්‍රී ලාංකිකයෙක් සම්බන්ධයෙන් පමණක් තොරතුරු සොයා ගැනීමට නොහැකි වූ බව එරට ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය පැවසුවාය.

එම ප්‍රදේශවල සිටි බවට හඳුනාගත් සෙසු ශ්‍රී ලාංකිකයන් දහතුන් දෙනා සුරක්ෂිතව සිටින බවත් තානාපතිවරිය කීවාය.

දකුණු දිග තුර්කියේ රිච්ටර් මාපකාංක 7.8ක සහ ගිනිකොන දිග තුර්කියේ රිච්ටර් මාපකාංක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් සහ තවත් පසුකම්පන කිහිපයක් ම සිදු වීමෙන් මිය ගිය සංඛ්‍යාව ඊයේ රාත්‍රිය වන විට 2,700 ඉක්මවා ඇති බව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කර තිබිණි.

ඉන් තුවාල ලැබූ පිරිස දහස් ගණනකි.

ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව මෙම භූමිකම්පාවල ප්‍රබලත්වය අනුව මිය යා හැකි පුද්ගලයන් සංඛ්‍යාව දසදහස ඉක්මවා යනු ඇති බව පැවසේ.

සබැඳි පුවත්

තුර්කියට ලංකාවෙන් සහය

Trending

Exit mobile version