පුවත්

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

Published

on

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබේ.

ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර සිටියේ, ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් පදනම් කරගනිමින් අදාළ කමිටුව නිර්දේශ සිදුකරන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මැදපෙරදිග ඇතිවෙලා තිබෙන යුදමය තත්ත්වය එක්ක තෙල් මිල ඉහළ යාමේ අවදානමක් තිබෙනවා. ඒ පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් ලබාදීලා තියෙනවා. ඒ පිළිබඳව මැදිහත්වෙලා එවැනි තත්ත්වයත් තිබුණොත් කොහොමද තෙල් මිල පාලනය කරගන්නේ ඒකට කොහොමද මුහුණදෙන්නේ කියන එක පිළිබඳව කටයුතු කරන්නත් මේ කමිටුව තීරණය කරලා තිබුණා.

මේ අතර පසුගිය දා සිදුකළ මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථ මිල ගණන් සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“ආණ්ඩුව ඉන්ධන මිල අඩුකළාට බස් ගාස්තුව යම් ප්‍රමාණයකින් අඩුවුණා නමුත් පාසල් ප්‍රවාහන ගාස්තු අඩුකරලා නැහැ. ඒ නිසා මේ කමිටුවට නිර්දේශ කළා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදීලා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ඒ වෑන් සහ බස් රථවලත් මිල අඩුකරන්න තීන්දු ගන්න ඒ සඳහා වාර්තාවක් කැඳවන්න තින්දුකරලා තියෙනවා.”

Trending

Exit mobile version