පුවත්

තෙල් සංස්ථාවේ ලොක්කෙක් අත්අඩංගුවට

Published

on


රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 61, 46,410 ක මුදලක් 2015 ජනාධිපතිවරණය සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගැනීම සම්බන්ධයෙනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙම චෝදනාව යටතේ මීට පෙර හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වූ ඔහුගේ බිරිඳ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණි.

Trending

Exit mobile version