Connect with us

පුවත්

තේ කෝප්පයේ කසිප්පු විකිණූ හෝටලයක්

Published

on

මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ හෝටලයක කාලයක් පුරා සිදුකළ කසිප්පු ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (22) සමත් විය.

එම වැටලීමේ දී කසිප්පු බෝතල් 08ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෝටලයේ හිමිකරු සහ සේවකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සේවකයා කලක් යුද හමුදාවේ විශේෂ බළකායේ සේවයේ නිරතව සිට විශ්‍රාම ලැබූ අයෙකි.

කිසිවෙකුටත් සැක නොසිතෙන ආකාරයට සිසිල් බීම අලෙවි කරන මුවාවෙන් මේ මත්පැන් අලෙවි කර තිබෙන බව පොලිසිය පැවසීය.

එමෙන්ම ගැනුම්කරුවෙකු පැමිණි විට හෝටලයේ තේ හදන ස්ථානයේ ඇති අඬු කෝප්පයකට දමා කසිප්පු ලබා දී තිබෙන බවත් දෛනිකව එම ස්ථානයේ කිසිප්පු බෝතල් 10ක් පමණ මේ ආකාරයට අලෙවි කර තිබෙන බවත් පොලීසිය විසින් සඳහන් කරන ලදී.

මේ අතර මහනුවර මධ්‍යම වෙළෙඳපොළට පැමිණෙන ලොරි රථවලට භාණ්ඩ පැටවීම හා බෑම සිදුකරන නාට්ටාමිවරුන් මෙම ස්ථානයෙන් කසිප්පු පානය පෙරවරු 5.00ට පමණ ආරම්භ කරන බවත් පැවසේ.

රුපියල් 1,200ක මුදලකට තමන් ලබා ගන්නා කසිප්පු බෝතලයක් කෝප්පවලට දමා විකිණීමෙන් රුපියල් 2,000ක පමණ මුදලක් ලැබෙන බවත් දිනකට බෝතල් 10ක් පමණ අලෙවි කර රුපියල් 8,000ක පමණ අමතර ආදායමක් හෝටලයේ හිමිකරු ලබා ගන්නා බවත් හෙළිව තිබේ.

මහනුවර පොලීසිය පෙනෙන මානයේ ඇති මහනුවර මධ්යම වෙළෙඳ පොළ තුළ දීර්ඝ කාලයක් තිස්සේ ඉතා රහසිගතව මෙම කසිප්පු ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාව මගින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved